ABOUT US

පුලතිසි පුර ජනප්‍රියම ඇදුරු මඩුල්ල සමගින් ඩිජිටල් අධ්‍යාපනය

2011 වර්ෂයේ ආරම්භ වූ  සත්මා උසස් අධ්‍යාපන ආයතනය මේ වන විට පුලතිසි පුරවරයේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය බවට ඉතා කෙටි කාලයකදී පත්ව ඇත. දිවයිනේ සිටින ප්‍රවීණ, දක්ෂ සහ සුදුසුකම් සහිත ගුරු මඩුල්ලක් සත්මා ආයතනය සතුය. පුලතිසිපුර දක්ෂතම ඇදුරු මඩුල්ලක් එකම ස්ථානයකට එකතු වන ප්‍රථම හා ඓතිහාසික අවස්ථාවව මෙය වේ. ඔවුන් වසර ගණනාවක් පුරා දස දහස් සංඛ්‍යාත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුහරුකම් දෙමින් ඉංජිනේරුවන්, වෛද්‍යවරුවන්, කළමණාකරුවන්, ගණකාධිකාරවරුන්, නීතිවේදින් ඇතුළු සියළු වෘත්තිකයන් බිහි කර ඇත. දරුවන්ට ආරක්ෂාව සහිතව, පහසුකම් සහිතව, විනයගරුක පරිසරයක් තුළ අධ්‍යාපනය ලබා දිය හැකි සියළු පහසුකම් සහිත ආයතනයක් ලෙස ගොඩ නැගී ඇත.

උසස් පෙළ විද්‍යා, ගණිත, කලා, වාණිජ සහ තාක්ෂණවේදය යන විවිධ විෂය ධාරාවන් මෙන්ම සාමාන්‍ය පෙළ, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සියළු විෂයන්හැදෑරීමට හැකියාව ඇත. වෘත්තීය විභාග, භාෂා විෂයන්, පරිගණක පාඨමාලා, ඉංග්‍රීසි පාඨමාලා සහ වෙනත් භාෂා පිළිබද පාඨමාලා ඉගෙනීම ඇතුළු සියළු අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන ආයතනයක් ලෙස මේ වන විට ක්‍රියාකරයි.

හැදුණු වැව මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව, කැලණි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගනිමින් පුලතිසිපුර පාසල් ගණනාවක ආර්ථික විද්‍යාව ගුරුවරයකු ලෙස වසර ගණනාවක් සේවය කර අත්දැකීම් සමුදායකට උරුමකම් කියන ඔහු 1990 දශකයේ සිට “ආර්ථික විද්‍යාව“ සහ “සාධනය“ වැනි පුවත්පත් වල ලේඛකයකු ලෙස ද උසස් පෙළ ආර්ථික විද්‍යාව ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබේ.

වසර 27ක් පමණ පෞද්ගලික පංති ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යා විෂය උගන්වා ඇත. එහිදී කලා අංශයේ දිස්ත්‍රික් ප්‍රථමයින් 14 දෙනෙක්ද වාණිජ අංශයෙන් දිස්ත්‍රීක් ප්‍රථමයින් 15 දෙනෙක්ද ඇතුළුව දහසකට ආසන්න සිසු පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශය‍ට දායක වීමට හැකි විය. මෙහිදී ආර්ථික විද්‍යාව ඇතුලත් කලා, වාණිජ විෂය ධාරාවල සහ AAT යන අංශ තුනෙන්ම පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේ දක්වා හොදම ප්‍රථිපල ලබා දීමට හැකි වීම ඔහු ලද භාග්‍යයකි. තවද පාසල් ගුරුවරයකු ලෙසත්, උසස් පෙළ  උත්තර පත්‍ර පරික්ෂකයකු ලෙසත් ක්‍රියා කිරීම ඔහුගේ අත්දැකීම් සමුදායට අනුබලයක් විය. මෙම සියලු අත්දැකීම් පදනම් කරගෙන 2011 වර්ෂයේ සත්මා  ආයතනය බිහි කිරීමත් සමග පුලතිසිපුර දරුවන්ගේ අධ්‍යාපනයේ අද දවසේ එය තොතැන්නක් බවට පත්ව තිබේ.

ගයාන් එල්. බණ්ඩාර

B.A (Kelaniya) ප්‍රවීන ආර්ථික විද්‍යා දේශක

OUR TEAM

Combine Maths

Physics

Chemistry

Agri

Lecture Nandana Pushpa Kumara

Lecture Sudesh Dammika

Lecture Priyankara Hettiyarachchi

Lecture Upul Kariyawasam

SFT

ET

ICT

BST

Lecture J.C.B. Jayasooriya

Lecture Indrajith Jayakodi

Roshan N Weerawardhana

Nishendra Gunawardana

Economics

Accounting

Business Studies

Lecture Gayan L Bandara

Lecture Jude Niroshan

Lecture Madushanka Mallawaarachchi